Wednesday, June 6, 2018

Bannercuts හොරු

ලංකාවේ තියන Bannercuts ඇඩ්ස් වංචාවට අහු වෙමුද ?




වෙනද වගේ අද උදෙත් ඇහැරිලා දවසේ වැඩ පටන් ගන්න කලින් ෆෙස්බුකියට ලොග් උනා. එතකොට වෙලාව උදේ 4.30 ට විතර ඇති. සුපුරුදු පරිදි යාලුවන්ගේ පින්තුර වලට ලයික්ස් එහෙම ටිකක් දාල ඉන්නකොට එක පාරටම ගෘප් ඇලට් එකක් ආවා ප්‍රශ්නයක් එක්ක. කෙනෙක් අහල තිබ්බා මෙහෙම
අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියන්නේ ඇත්තද ???කරන අය ඉන්නවනම් උදව් කරනවද???

බොහෝ පිරිසක් විවිධ ආකාරයෙන් උත්තර දීලා තිබ්බා . ඒ අතර මාගේ ලඟම යහළුවෙකුත් මේ සම්බධන්යෙන් උපදෙස් දීලා තිබ්බා සහ යම් යම් විවේචනයන් ද එල්ල කරලා තිබ්බා. ඒ අතර කිහිප දෙනෙක් ආරාධනා කරලා තිබ්බ bannercuts කියන වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා විශාල ලෙස මුදල් උපයන්න එන්න කියලා. ඉතින් මමත් නිකමට වගේ බැලුව මොකක්ද මේ bannercuts කියන්නේ කියලා. සත්‍ය වශයෙන්ම මෙය දුටුවිට සිනහා පහලවූ නමුත් ක්ෂණිකවමමිනිස්සු ගැන දුකක්ද මගේ හිතේ ඇතිවුනා කිවොත් මම හරි. මෙම වෙබ් අඩවිය ගැන සොයා යාමේදී මෙය තවත් ආකාරයේ වංචා සහගත ලෙස මුදල් උපයන වෙබ් අඩවියක් බව සාක්ෂාත් කරගන්න පුළුවන් උනා. මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිරෝධි අදහස් එල්ල කර තිබු මාගේ මිත්‍රය සමගත් මා මේ පිලිබදව සාකච්චා කෙරුවෙමි. මේ කරුණු හේතුකොට ගෙන ලංකාවේ ජිවත් වෙන අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ ලිපිය මෙසේ ලියන්නෙමි.

ඉස්සලාම මගේ පසුබිම ගැන මම පැහැදිලි කරන්නම්. මම වෘත්තීය මුදුකාංග ඉංජිනේරුවරියක්. වසර 15 කට වඩා තොරතුරු තාක්ෂණ වෘත්තීයේ නියැලෙනවා. එක පැත්තකින් මගේ මේ තොරතුරු තාක්ෂණ විෂය රැකියාවට අමතරව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගේ ජිවිතයේ වැඩිම කොටස ලෙසද සලකන්න පුළුවන්. මේ වන විට මා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ලෙස මෙල්බර්න් නුවර වාසය කරන්නෙමි.

ඉතින් මම මේ bannercuts කියන වෙබ් අඩවිය හරහා මුදල් උපයනවයි කියපු කිහිප දෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාව උදා උනා. පිරිසක් “ අක්කේ අපිට එයාල හොඳට ගෙවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ “ යනුවෙන් පැවසුවේය. තවත් සමහර කිහිප දෙනකු මා සමග කේන්තියෙන් කතා කරනු දක්නට ලැබුණි. ඉන්පසුව මේ ජනතවට මුදල් ගෙවන අපේ භාෂාවෙන් කියනවනම් මේ පට්ට සිරා වෙබ් අඩවිය ගැන විනාඩි කිහිපයක අධ්‍යනයක් ද කෙරුවෙම්. අවසාන නිගමනය වුයේ මොවුන් කරන්නේ තනිකරම බොරුවකි , ජාවාරමකි. හැබැයි මෙයාලා මිනිස්සුන්ට මුදල් ගෙවීම් කරගෙන යනු ලබයි. අපි බලමු මේ ලිපියේ අවසානයට මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා.

ඇත්තටම අපිට ඔන්ලයින් නොහොත් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ද ?

දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි “ඔව් ඔබට පුළුවන් වගේම ගොඩක් සල්ලි උපයන්න පුළුවන්.” හැබැයි කොහොමද මේක ඇත්තටම කරන්නේ. මුල් අවධියේදී වැඩේ ලෙහෙසි නැහැ. ඔබ ඉස්සලාම ඔබගේ වෘත්තීමය හැකියාව ගැන ඔබ විසින්ම හඳුනා ගන්න ඕනේ. ඔබට වෘත්තීමය හැකියාවක් නොමැතිනම් ඔබට මෙවැනි රැකියා සඳහා අන්තර්ජාලයේ ඉඩ කඩක් නැහැ. නමුත් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියල කියමනක් තියන නිසා ඔබ මේ සඳහා සුදුසුයි කියා මා විශ්වාස කරමි. අපි බලමු මොනවද අන්තර්ජාලයේ පවතින රැකියා අවස්ථවන් කියලා. උදාහරණයක් ලෙස ඔබට පරිගණකයේ ටයිප් සෙටින් වගේ දේවල් කරන්න පුළුවන් නම් ඔබට Data Entry වගේ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්. ඔබ ග්‍රැෆික් Designing පැත්ත දන්නවානම් ඒ සම්බන්ධයෙන් ඔන්ලයින් රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඔබට විවිද භෂා කතා කරන්න දන්නවනම් ඔබට භාෂා පරිවර්තකයෙකු වෙන්න පුළුවන් . මේ වගේ අන්තර්ජාලයේ විවිද එකෙනිකට වෙනස්වූ රැකියා අවස්ථවන් බොහොමයක් පවතිනවා. හැබැයි මේවා මුල් මට්ටමේදී ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගන්න අමාරුයි. නමුත් ඔබ මහන්සි වෙලා යම් කාලයක් කැප කරලා ජොබ්ස් දෙක තුනක් ලබා ගත්තොත් ඊට පස්සේ ඉබේම වගේ මෙවැනි ජොබ්ස් ඔබ වෙතට ගලා එනවා.
ඉතින් කොහොමද මේ වගේ රැකියාවක් සොයා ගන්නේ.

ඔබට මෙවැනි සේවා සපයන විශ්වාසදායි ආයතනයක් නොහොත් වෙබ් අඩවියක් ඉස්සලාම හොයා ගන්න වෙනවා. මට අනුමත කරන්න පුළුවන් www.upwork.com www.fiverr.com සහ www.freelancer.com මෙන්න මේ වෙබ් අඩවි තුන. මෙයාල තමයි ලෝකයේ ප්‍රධාන පෙලේ ෆ්‍රී ලාන්සර් වෙබ් අඩවි තුන. අපි බලමු මෙයාලා කොහොමද අපිට ඔන්ලයින් ජොබ්ස් දෙන්නේ කියලා.
ඇත්තටම මෙයාලා නිකන් බ්‍රොකර්ස්ලා වගේ කට්ටියක්. උදාහරණයක් ලෙස අපි හිතමු ඕස්ට්‍රේලියාවේ ඉන්නවා ස්ටීවන් කියල මහත්මයෙක්. ස්ටිවන්ට ඕන වෙනවා තමන් ළඟ තිබෙන මුද්‍රිත ලියකියවිලි 500ක වගේ ප්‍රමාණයක් පරිගණක ගත කරගන්න. ස්ටිවන් මහත්තයටත් ඕනෙනම් එයාටම මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මේ සඳහා ලොකු කාලයක් යනවා. ඒ වගේම ඔහුට මේ වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිද්ද වෙනවා. එහෙම කාලයක් ගියොත් සටීවන්ට සිද්ද වෙනවා තමන්ගේ වටිනා කාලය වැය කරගෙන මේ කටයුත්තේ නියැලෙන්න. එතකොට ස්ටීවන් මහත්තයාට වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් සටීවන් කල්පනා කරනවා මේක වෙන කාට හරි කියල කර ගත්තොත් හොඳයි කියලා. ඊළඟට ස්ටීවන් යනවා ඕස්ට්‍රේලියාවේ තියන Data Entry කරන සමාගමකට. ගිහින් කියනවා මට මේ වැඩේ කරලා දෙන්න සති දෙකක් ඇතුලත කියල . ඒත් සමගම විසින් ස්ටිවන්ගෙන් අය කරන මුදල ඇහුවම ස්ටිවන්ට් ට තරු වීසි වෙනවා. ඔහුට මේ සඳහා වැඩ කරන පැය ගානට එම සමාගමට ගෙවන්න සිද්ද වෙනවා. සාමාන්‍යයෙන් පැයකට ඩොලර් 30 වත් ගෙවන්න වෙනවා. ( ලංකාවේ මුදලින් පැයකට රුපියල් 4800 පමණ. )
ඉතින් සටීවන් මහත්තයා කල්පනා කරනවා මේක අඩුවෙන් කරගන්න ක්‍රමයක් තිබෙනවාද කියලා. එතකොට එයාට ආරංචි වෙනවා දකුණු ආසියාව වගේ රටක කෙනෙක්ට කියලා මේ වැඩේ කරගත්තොත් අඩු සොච්චන් මුදලකට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම කලොත් එයාට පැයකට ඩොලර් 12 ක වගේ මුදලකට කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් පැයකට රුපියල් 2000 වගේ ගෙවල කරගන්න පුළුවන්. ඒ මුදල ස්ටීවන් මහත්තයාට සොච්චන් මුදලක් උනාට අපිට එක සොච්චන් මුදලක් නොවෙයි. ඔයා දවසට පැය 8 වැඩ කාලොත් ස්ටීවන් මහත්තය ඔයාට දවසට රුපියල් 16000 විතර ගෙවයි. ඉතින් මේ ස්ටීවන් කල්පනා කරනවා කොහොමද මේ වැඩේට හරියන කෙනෙක් හොයා ගන්නේ කියලා. එයා කරන්නේ මම ඉහත සඳහන් කරපු වෙබ් අඩවිවල මේ වගේ දැන්වීමක් පල කරනවා “ මගේ ඩේටා එන්ට්‍රි වැඩ වගයක් තියනවා කරගන්න. මම පැයකට ඩොලර් 12 වගේ ගෙවන්න කැමතියි . හොදට එක්ස්පිරියන්ස් තියන ඩේටා එන්ට්‍රි දන්නා කියන කෙනෙක් මාව අමතන්න. මේ ජොබ් එක කරලා දෙන්න පුළුවන් අය තමන්ට මේ වැඩේ භාර ගන්න පුළුවන් මිල ගණන් එක්ක කතා කරන්න කියලා.

ඉතින් ස්ටීවන් මේ දැන්වීම පල කලාට පස්සේ කට්ටිය හෝ ගාල මේවට ඉල්ලුම් කරනවා. ලංකාවේ ඉන්න සමන් කියනවා මට මේ වැඩේ පැයකට ඩොලර් 8 කට කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට ඉන්දියාවේ ඉන්න මුකේෂ් කුමාර් කියනවා මට මේක ඩොලර් 10 ට කරලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ පාකිස්තානයේ ඉන්න අහමඩ් කාන් කියනවා මට පැයකට ඩොලර් 9 ගෙවන්න කියලා. පිලිපීනයේ ඉන්න ජස්මින් අක්කා කියනවා මට මේකට ඩොලර් 11 දෙන්න කියලා.

ඉතින් දැන් ස්ටීවන් මහත්තයාගේ කල්ල මරේ. එයා කරන්නේ අඩුම මුදලට ඉල්ලපු ( bid ) ලංකාවේ සමන් මල්ලිට ජොබ් එක දෙන එක. සමන් මල්ලිත් ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි. මිනිහා සැහෙන මේ වගේ Projects කරලා තියනවා. ගොඩක් අය හොඳ කමෙන්ට්ස් පවා දාල තියනවා. ඉතින් අපේ ස්ටිවන් ලොක්කට බය වෙන්න දෙයක් නැහැ. හොඳ එක්ස්පිරියන්ස් තියන කෙනෙක්නෙ සමන් කියන්නේ. අනෙක් අයට වඩා එයාගේ ගණනුත් අඩුයි. ඉතින් ජොබ් එක ඔෆර් කරනවා සමන්ට.
ඉතින් වැඩේ කරලා ඉවර උනාම ස්ටීවන් අපේ සමන් මල්ලිට ගෙවීම් කරනවා. හැබැයි මේ සියලුම ගෙවීම් කරන්නේ මම ඉහත සඳහන් කරපු බ්‍රෝකර් වෙබ් අඩවියක් හරහා. ඉතින් බ්‍රෝකර් සමාගමත් පොඩි කොමිස් මුදලක් තියාගෙන සමන්ට ඉතිරි මුදල ගෙවනවා. ඔන්න ඕක තමයි මේ ෆ්‍රී ලාන්සර් වෙබ් අඩවි වල ක්‍රමවේදය.
ඉතින් මම මේ ඔයාලට සරලවම මේ සිද්දිය පැහැදිලි කරත් ඔයාට මේ සම්බධයෙන් ගොඩක් අධ්‍යනය කරන්න අවශ්‍ය වෙනවා. අපිට මේ වගේ ජොබ්ස් දෙන්න කලින් ජොබ් එක දෙන කෙනා නොහොත් Client ( Customer ) ඉස්සලම අවධානය යොමු කරන්නේ ඔයා මේ වගේ වැඩවලට හපනෙක් ද කියලා. ඒක නිසා තමයි ස්ටීවන්ලා ඔයාගේ එක්ස්පිරියන්ස් එක බලන්නේ. එම නිසා ටිකක් අඩු මුදලට හරි කමක් නැහැ මුල් Projects 3-4 ගන්න බලන්න. ඔයා බාරගත්ත වැඩේ තිතට ලස්සනට කරලා දෙන්න බලන්න. ඒවගේම තමන් බාර ගත්ත වැඩ වෙලාවට බාර දෙන්න . එතකොට තමා ඔයාගේ ප්‍රොෆයිල් එක යටතේ හොඳ කමෙන්ට්ස් වැටෙන්නේ. ඔයා වැඩේ හරියට නොකලොත් නරක කමෙන්ට්ස් තමා වැටෙන්නේ. නරක කමෙන්ට්ස් වැටුනොත් ආයේ ජොබ්ස් ගන්නවා බොරු. නිතරම කස්ටමර් තමන්ගේ දෙවියා කියලා වැඩ කරන්න හිතට ගන්න.

දෙවන අභියෝගය තමයි තරඟකාරීත්වය. අපි මෙහෙම ජොබ්ස් ඉල්ලුම් කලාට ඉන්දියාව , බංගලිදේශය, පිලිපීනය වගේ රටවලින් ඉතා අඩු මුදලට මේ Projects ඉල්ලන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එයාල එක්කත් අපිට ලොකු ෆයිට් එකක් දෙන්න වෙනවා. සමහර කස්ටමර්ස් ල ඔයාගේ ගාන වැඩි උනත් ඔයා කලින් කරපු projects වල හොඳ කමෙන්ට්ස් වැටිලා තියනවනම් ඔයාට ජොබ් එක දෙනවා. මේ නිසා තමයි මම මුලින්ම කිවේ මේ වගේ ජොබ්ස් ගන්න එක ලෙහෙසි පහසු කටයුතක් නොවෙයි කියල. මම නැවත්තත් කියන්නේ මේ වගේ ජොබ්ස් දෙක තුනක් අමාරුවෙන් හරි කලොත් කස්ටමර්ස් ලා ඔයා ලගට ඉබේම ඇදිලා එයි. ඔයාට සල්ලි ගලන්න පටන් ගනියි. ඒ වගේම ඔයාගේ ඉංග්‍රීසි දැනුමත් යම් ප්‍රමාණයකට වර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා . නැත්නම් ඔයාගේ කස්ටමර්ස් ල එක්ක කතා කරන්න චැට් කරගන්න අමාරු වෙනවා.

ජාවාරම් නොහොත් අන්තර්ජාල හොරු
මේ ඔන්ලයින් රැකියා නිසා මේවන විට විශාල හොරු , වංචා කාරයෝ පිරිසක් බිහිවෙලා ඉන්නවා. මේවට අපි ඉංග්‍රීසි භාවෙන් කියන්නේ Scams කියලා. ඇයි මේ වගේ හොරු බිහි වෙලා ඉන්නේ. මේ වංචාකාරයෝ කරන්නේ මේ සම්බන්ධයෙන් මෙලෝ දෙයක් නොදන්නා මිනිස්සුන්ව අන්දලා මිනිස්සුන්ගේ සල්ලි අරන් හිටි හැටියේම වාෂ්ප වීම. මේ හොරු ඉස්සලාම කරන්නේ සුරංගනා ලෝකයක් මවලා දීලා මිනිස්සුන්ගේ බ්‍රේන් එක වොෂ් කරන එකය . දෙවනුව මිනිසුන්ව ග්‍රහණයට නතුකරගෙන ඔවුන්ගේ මුදල් රැගෙන පලා යයි..

ලෝකයේ නානා ප්‍රකාරයේ ඔන්ලයින් මනි වංචා සිදු කෙරෙයි. මේ එක ක්‍රමයක් තමයි ඇඩ්ස් බලපුවාම අපිට මුදල් ගෙවනවා කියන එක. ලංකාවේද මේවන විට වංචාවක් සිදු වෙමින් පවතියි. ඒ bannercuts ජාවාරම වේ. මේ වනවිට විශාල පිරිසක් ඔවුන්ගේ ග්‍රහණයට නතුකරගෙන සිටිනු දක්නට ලැබේ. මෙවැනි වංචා සහගත ආයතන බොහෝවිට තම ග්‍රහණයට නතු කරගන්නේ දුප්පත් අහිංසක ජනතාව වේ. ඔවුන්ගේ ටාගට් එක තරුණ තරුණියන්ය. මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අත්දැකීම් නැත. ලෙහෙසියෙන්ම විවිද ජාවාරම් වලට හසු වෙති. තවද මිනිසුන්ට විවිද ආර්ථික අපහසුතා පැමිණෙත්ම මෙවැනි ක්ෂණික ලෙහෙසි මුදල් සෙවීමේ ක්‍රමවේදයන් පසුපස දිව යයි.

මොකක්ද මේ Bannercuts කියන්නේ. ?
  



මෙය තවත් එක Scam එකකි. කලින් කියූ ආකාරයේ ජාවාරමකි. මොවුන් මුලින්ම කියන්නේ යම් මුදලක් ගෙවා පැකේජයක් ලබා ගත යුතු බවය. අඩුම පැකේජය රුපියල් 4500 කි. මේක දකින අපේ සඳුනි නංගි අඩුම පැකේජය පොඩි ටෙස්ට් එකක් කරන්න හිතාගෙන මිලදී ගනී. හිතේ පොඩි බයකුත් නැතුවම නොවෙයි. කොහොම හරි මේක ගත්ත නංගිට ඔන්න ඇඩ්ස් බලන්න කියල ආයතනයෙන් ඇඩ්ස් එවයි. ඔන්න සතියකට රුපියල් 240 ලැබුණා. දෙවන සතියෙත් රුපියල් 240 ලැබුනා. දැන් නංගිටත් සැහෙන සතුටුයි. දැන් ඉතින් සඳුනි නංගිගේ හිතේ තිබ්බ බය නැතිවෙලා ගිහින්. සල්ලි හොයන ආශාව දෙගුණ තෙගුණ වෙලා. එයා දැන් ලොකු පැකේජයකට යන්න ප්ලෑන් එක. ඔන්න තමන්ගේ ළඟ තියන රත්‍රන් චේන් එකක් හරි උගස් තියනා අපේ නංගි ගන්නවනවා 67500 වගේ පැකේජ් එකක්. ඔන්න බොලේ එකෙනුත් සල්ලි එනෝ. දැන් සඳුනිට සෑහෙන හැපී. දැන් සඳුනි සිහින මාලිගා තනනවා නොනවත්වාම. පස්සේ අපේ සඳුනි නංගිට ආරංචි වෙනවා මේ වැඩේට තව කෙනෙක් සම්බන්ධ කරගත්තොත් එයාට ලොකු කොමිස් මුදලක් ලැබෙනවා කියලා. තවත් උපයන මුදල වැඩි කරගන්න කියලා හිතලා එයා එයාගේ ලඟම යහළුවා වන ගයනි අක්කවත් මේ වැඩේට සම්බන්ධද කරගන්නවා. බය වෙන්ඩ එපා අක්කේ. මේකෙන් අපි හැමෝටම ගොඩ යන්න පුළුවන්. දැන් ගයනිත් වැඩේට එන්ටර් වෙලා පැකේජ් එකක් ගන්නවා. එයත් තව තව ලොකු ලොකු පැකේජ් වලට යනවා. ඇයි ඉතින් සෙල්ලම් ද මේ වගේ සල්ලියක් ගලනකොට. ඊට පස්සේ මේ යාලුවෝ දෙන්නා නිසල් කියන යාලුවවත් සෙට් කර ගන්නවා. පස්සේ නිසලුත් එයාගේ යාලුවෝ මේකට ඇඳලා ගන්න හදනවා. දැන් වැඩේ ජමරේට නැගල යනවා. දැන් මෙයාල ෆේස්බුක් එකේ ගෘප් වලත් මෙහෙම ඇඩ්ස් දානවා. එන්න ඔන්ලයින් සල්ලි හොයන්න කියලා. තව තව කට්ටිය මේවට එකතු කරගන්නවා. එයාලත් තව තව කට්ටිය සෙට් කරගන්නවා. දැන් වැඩේ ඔහොම ඔහොම ව්‍යාප්ත වෙලා යනවා. දැන් මෙයලට මේහි ඇති අවධානම පිළිබඳව උපදෙස් දෙනකොටත් අපිට මේ සඳුනිලා , ගයනිලා, නිසල් ලා බනින්න පටන් ගනියි. දැන් මෙම ව්‍යාපාරය තනිකරම මෙහෙයවන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ ටිකය . පටන් ගත්ත අයිතිකරුවෝ සද්ද නොකර තමන්ගේ සාක්කු පුරවා ගනියි.

දැන් මේ ජාලය හදාගත්ත ජාවාරම් කරුවොත් තමන්ට දිනෙන් දින එන මුදල් එකතු කර ගනිති. එයින් කොටසක් මේ සඳුනිලාටත් නිසල්ලාටත් දෙති. විශ්වාසයද වැඩි වේ. ජාවාරම් කරුවන්ගේ අදායම දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වැඩි වෙද්දී එක්තරා ලෙවල් එකට අපු දවසට ඔවුන් ක්ෂණිකවම අතුරුදහන් වී රටින් පැන යති. එවිට ඔවුන් අහිංසක කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් උපයා ඇති මුදලේ වටිනාකම කෝටි ගණනකි. ඔවුන් රටින් පැනගොස් සුපිරි ජිවිත ගත කරයි.
මෙහි ප්‍රතිපලය .

ඔබ ආයෝජනය කර ඇති මුදල ඔබට නැතිවී යයි. ඔබගේ වටිනා කාලය නැතිවී යයි. සිත් තැවුල්ව මානසික අතතියන්ට ඔබ ගොදුරු වෙයි. ඔබ කනකර උගස් කොට ලබා ගත දෑ නැතිව යයි.
ඔබ සම්බන්ද කරගත් ඔබගේ මිතුරන්ගෙන් හෝ පිටස්තර පුද්ගලයින්ගෙන් ඔබට තර්ජන ගර්ජන බලපෑම් එල්ල වේ. නැවත එම මුදල් ඔබට ඔවුන්ට වෙතට ගෙවන්න ට පවා සිදුවිය හැකිය.
තම යහළුකම් , මිත්‍රත්වයන් පලුදුවී යයි.
ඔබට අධිකරණ සහ නීතිමය තත්වයන්ට ගොදුරු වීමටද හැකියාව ඇත. හිරේ විලංගුවේ වැටෙන්නට ද ඉඩ කඩ ඇත.
අපේ භාෂාවෙන් කියනවනම් එහි සේවය කල සේවකයින්ටද තම නිවෙස්වල වසන්නට බැරි තත්වයක් උදාවනු ඇත.

තර්ක විතර්ක.

දැන් මෙහි ආයෝජනය කල පුද්ගලයින් මා කියන දෑ වලට මෙසේ එරහිවනු ඇතැයි මා අනුමාන කරමි.

ප්‍රශ්නය : ඔයා කොහොමද එහෙම කියන්නේ. මේ සමගම ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයක්. මෙන්න ලියාපදිංචි අංකය PV107250

පිළිතුර : ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කල හැකිය . ඒ සඳහා වැය වෙන්නේ රුපියල් 50,000කට වඩා අඩු මුදලකි. ව්‍යාපාරයක් ලියාපදිංචි කළා කියලා එහි විශ්වසනීය භාවය රජය විසින් සහතික කරන්නේ නැත. අඩුම තරමේ සමාගම් මැදුර විසින් එය Verify කරන්නේ ද නැත.

මොනවද මෙයාල එවන Ads ??

මෙම ඇඩ්ස් බොහෝවිට ව්‍යාජ ඇඩ්ස් වේ. සාමාන්‍යයෙන් කිසිඳු සමාගමක් මෙවැනි e money ව්‍යාපාර මෙහෙයවන ආයතන කෙරෙහි ඇඩ්ස් ලබා නොදෙයි. විශේෂයෙන්ම අන්තර්ජාල ඇඩ්ස් .

හොඳ උදාහරණයක් ගෙන හැර දක්වන්නම් . අපි කියමු ලංකාවේ තියනවා ක්‍රීඩා උපකරණ නිෂ්පාදන ආයතනයක්. සමාගමේ නම Sports Lanka Ltd කියමු ( සත්‍ය නමක් නොවේ ) එයාල හදනවා විවිද ක්‍රීඩා උපකරණ. Sports Lanka ආයතනයට අවශ්‍ය වෙනවා එයාලගේ නිෂ්පාදන පිළිබඳව ඇඩ් එක පල කරගන්න අන්තර්ජාලයේ. හැබැයි එයාල යනවද ඔය bannercuts ආයතනයට . ? පොඩ්ඩක් හිතන්න ඔයාගේ මොලේ පාවිච්චි කරලා . Sports Lanka සමාගමට සෙතක් වෙනවද එහෙම ඇඩ් එකක් කෘතිමව ඇඩ්ස් බලල සල්ලි උපයන අය අතරට යවන්න. ඒගොල්ලන්ගෙන් එකම ක්‍රීඩා භාණ්ඩයක්වත් ඔයාල මිලදී ගනන්වද ? නැහැ නේ .. ඔයාල ක්‍රීඩා භාණ්ඩ ගැන ඉන්ට්‍රස්ට් එකක් නැහැ නේ. ඔයාලගේ ඔලුවේ තියෙන්නේ E-money ගැන. සමාගමක් අන්තර්ජාලය හරහා ගනු දෙනු සිද්ද වෙනකොට නිතරම බලන්නේ Target audience අතරට යවන්න මිසක් පලක් නැති අය අතරට යවන්න නොවෙයි. Target audience ල කියන්නේ ඒ විෂය පිළිබඳව උනන්දු අය අතරේ විතරයි ඇඩ්ස් පෙන්වන්නේ. Target audience සිස්ටම් එකක් පාවිච්චි කරන හොඳම ඇඩ්ස් සමාගමක් තමයි ගුගල් සමාගම. අනෙක් එක ෆේස්බුක් සමගම.
ඉතින් මේකෙන්ම තේරෙනවා එයාලා ඔයාලට එවන්නේ බොරු ඇඩ්ස් කියලා. කොල්ලනේ කෙල්ලෙනේ මේවට අහු වෙලා නිකන් තමන්ගේ සල්ලි , කාලය සහ වෙනත් නීතිමය ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු රක්ෂාවල් කිරීම නවත්වලා මේ ඇඩ්ස් බලල සල්ලි හොයයි. පුළුවන් තරම් මේ ලිපය ෂෙයාර් කරන්න. අඩුම තරමේ එක අහිංසක මනුස්සයෙක් හරි මේ ජාවාරමෙන් බේර ගන්න බලමු. මම ඉහත සඳහන් කරපු ආකාරයෙන් සල්ලි උපයන්න බලන්න. සමහර ලංකාවේ අය ඉන්නවා මාසෙට ලක්ෂ 20 කට වඩා උපයන අය. අන්න ඒ අයවගේ නිවැරදි ක්‍රම වේදයකට අනුව උපයන්න බලන්න . ඒ වගේම ඔය E – Money වැඩමුළු කියන හොර වංචා වලටත් අහු වෙන්න එපා. එයාලත් කරන්නේ ඔය වැඩමුළු තියලා මිනිසුන්ට වංචා කිරීම.


විශේෂ නිවේදනයයි. : මෙවැනි සමාන සිද්දියක් 2006 වර්ෂයේදී ගල්කිස්සේදී සිද්ද උනා. ඒකාලේ සීගල් කියන නාමයෙන් මේ වගේම වංචාවක් කරලා කොටි 300 වඩා වැඩි මුදලක් අරන් පිරිසක් රටින් පැන්නා. පොඩ්ඩක් ඔයාල ගුගල් එකේ සර්ච් කරලා බලන්න මෙන්න මෙහෙම Seagull Scam කියලා. ගොඩක් විස්තර ලැබෙයි. එයට අමතරව මෙන්න මේ YouTube ලින්ක් එක බලන්න


https://youtu.be/uWlRJeqS2N8
 

85 comments:

  1. Thanks. Mamath meke register wela baluwa. Eth passe thamai dakke salli gewanna ona kiyala. E nisa wade ath ariya.

    ReplyDelete
  2. Bohoma sthuthi me thorathuru tikata.math register wela salli danna hitiye.oya me kiyla thiyana de matath hithunu nisai adi kadi kare.ahema salli dala poli ganna puluwan nam okkoma e wage rakiya karaine.

    ReplyDelete
  3. thank you very much for this explanation. this will save lots of peoples money.

    ReplyDelete
  4. බැනර්කට්ස් කියන්නේ revenue sharing කියන මෑතක පටන් ගත්තු බිස්නස් මොඩල් එකෙ ලංකා වර්ෂන් එකක්. එකේදී වෙන්නේ අදාළ සමාගම තමන්ට ලැබෙන ආදායමෙන් කොටසක් සාමාජිකයෝ අතරේ බෙදාහැරීම. මේ ආදායම සමාගමට එන්නේ සාමාජික මුදල් වලින් සහ දැන්වීම් පලකිරීම මගින්. ඒත් ඇත්ත වශයෙන්ම දැන්වීම් ආදායමක් එකතු වෙන්නේ නෑ කියන්න සාධක තියෙනවා. ඒ හේතුව මේ ලිපියේ තියෙනවා.
    ඉතින් සල්ලි කොහෙන්ද මිනිස්සුන්ට ගෙවන්න? ඒ ගෙවන්නේ සාමාජික මුදල්. පිරමිඩ් එකක් වගේ ටිකෙන් ටික ටිකෙන් ටික මිනිස්සු එකතු වෙද්දී සමාගමේ එකතු වෙන සල්ලි වලින් කොටසක් අදාළ සාමාජිකයින්ට දෙනවා. ඒ කියන්නේ අපේම සල්ලි අපිට ආපහු ගෙවනවා චුට්ට චුට්ට. ඒ ටික ඉවර වෙද්දී ඊට පස්සේ ආපු අයගේ සල්ලි. මේකට කියන්නේ ponzi scheme එකක් කියලා.
    ඉතින් අපිට මේකෙන් සල්ලි හම්බ වෙන්නේ නැද්ද? හම්බවෙනවා. නමුත් මුල් කාලේදී එකතු වුන අයට විතරයි. අනිත් අයට කෙලවෙනවා. දැන් ඔය සල්ලි දාපු අයම හිතන්න තමන් දාපු ගානයි තමන් ලබපු ඇත්තම ආදායමයි කොහොමද කියලා. මේ කියන්නේ සයිට් එකේ පෙන්නන ආදායම නෙවෙයි. ඇත්තටම තමන්ගේ අතට ගත්තු ආදායම.
    මේකෙන් ඇත්තටම ලාභ ලබන්න නම් මුල් කාලෙදිම එකතු වෙන්න ඕනි. මොකද කෙටි කාලයයි පවතින්නේ. ආයතනයට සාමාජිකයින් එකතු වෙන එක අඩු වෙනකොට, සාමාජික මුදල් එකතු වීම අඩු වෙනකොට ඔය එක එක අයට එන ආදායම් ලස්සනට අඩු වෙන්න ගන්නනවා. මම කියන්නේ අතට ඇත්තටම එන ගාන. කවුන්ටර් ඒකෙ පෙන්නන එව්වා නෙවෙයි. සයිට් එකෙන් එලියට ගෙවීම් පරක්කු වෙන්න ගන්නවා. පස්සේ නැත්තටම නැති වෙලා යනවා. සයිට් එකේ ආදායම් කවුන්ටරේ දිහා බලාගෙන හරි සතුටින් ඉන්න මිනිස්සුන්ට හීල්ලෙන්නේ ඇත්තටම තමන් දාපු ගාන වත් (total seed money) කවර් උනේ නෑනේ කියලා අවබෝධ වෙද්දී. මේක ගැන කියන්න නම් පුළුවන් ලස්සනට. ඒත් අවබෝධයක් නැතිව මේ වගේ ස්කෑම් වලට අහුවෙන මෝඩ මිනිස්සු ඇත්තටම පව්. අවබෝධයෙන් හිතන්නේ නැතිව තාවකාලිකව තමන්ට පෙන්නන මිරිඟුවකට රැවටිලා තමන්ගේ සල්ලිත් නැති කරගෙන අනුන්වත් ඒ වලටම ඇදලා දානවා මදිවට ඇත්ත පෙන්නන උන්ට බුරාගෙන පනිනවා පිස්සු බල්ලෝ වගේ.

    ReplyDelete
  5. Thank lot of u.for valuable advice. .

    ReplyDelete
  6. මමත් බැනර්කට්ස් වල පැකේජ් 3ක් අරගෙන ඇඩ් ක්ලික් කරනවා.අවුරුද්දක් ඒ පැකේජ් වලංගුයි....ඊලග අවුරුද්දෙවත් නොකර ඉන්නම්කෝ...දැන් ක්ලික් කරන්න වෙනවා.නැත් නම් දැම්ම සල්ලි අපරාදෙනෙ..!!

    ReplyDelete
  7. ammo math ahu wenna giye.welawata meka dakke.tks.

    ReplyDelete
    Replies
    1. Ahu unata gataluwak na wiswasen kiyanne meka lankawe minissu wenuwen apu deyak patan ganna baya nathiwama

      Delete
  8. mama 7 lks pkg ekai 391 pkg ekai dekama aran karanawa, dn man mage investment eka earn karala iwarai.
    habei 2017di man podi pkg 2k gatta e aya hodata pay kala. e wishwasetai meka gatte. oya kiyanawa wage delay ekaknam ne. habei man invest kala wena ayawanam gaawa gatte ne, udin kiyanawa wage panala giyoth mata gameth inna bariwena nisa.
    mamanam kiyanne podi ganak invest karala balanna kiyalai.

    ReplyDelete
  9. Mamath karanawa ath aulak nam ne. Ane manda

    ReplyDelete
  10. ස්තූතියි ඔබේ කරුණු දැන්වීමට....කිසිම වාසියක් කිසිවෙකුගෙන් නොලබා....

    ReplyDelete
  11. Mamath register venna giye, hebei mn deparak hithuva,,,

    ReplyDelete
  12. එකම සෙට් එකක් කමෙන්ට් දාගෙන .බැනර් කට් පටන් ගෙන අවුරුදු 6 ක් වෙනවා මම දැනට ඒ මුදල් වලින් කාර් එකක් සහ මටම කියලා බිස්නස් එකක් කරගෙන යනවා පින් සිද්ද වෙන්න. බොරු ප්‍රචාර කරන්න එපා සිංහලයන්ට ගොඩ යන්න තියෙන හොඳම විදිය තමයි මේක

    ReplyDelete
    Replies
    1. macho meke kiyauwa de ubata therune na aye kiyawapan.. kathawe aththakuth nathiwa neme. youtube eke ads pennana widiya balapan.. api nitharama serch karana ewa balalai un apita ads pennanne.. man youtube eken nitharama balanne electronic paththe widiyo ithin mata nitharama 90% withara pennanne e paththata adala videos mokada man hoyanne ewa nisa. (habai man mage eka mail ekakin log wela inna ona mokada lankawe apita fix IP na e nisa.) ithin e hema baluwama kathawa aththa adala nathi unta pennana bijjakata mona huththatada bn mona hukana company ekada bn ads denne. kathawa 100% man ekagai.. mewa boru.. ezone.lk menna muth pal horek man mahansi wela hadapu fb account eka mun gaththa man e kale podi adan thama danne mun deshapalaneta sambanda un e haiya aran thama sinhala muslin srilankika apita kelinna enna. wesa ballo munwa wadapu ammalatai safita thibbe palopinale block karanna kalakanni bihi nowenna. math online hodata salli hoyanawa e kotas weladapalen saha forex walin. hodata hodaynawa man me wage piramida walinnam neme. thawa fiverr walath man innawa hoda presidda kenek man graphic design walata.. me wage kalakanninta ahu wenna epa..... onanam mata mail ekak dapan man binary (real businness ekak neme) forex (real business ekak) karanna widiya hodatama kiyala dennam me wage un thotath hukala yai koi wele hari edata therei

      Delete
    2. Forex gana iganaganna ona.kalayak kala loss.jb akak na awrudu 30i bandalawat na.jb kalata 20000k aragattama kasadayak bandinna hitannawat ba.puluwannam udawwak karanna.mail aka kasunprageeth24@gmail.com

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. T.n.s.kumaraJuly 21, 2019 at 1:59 PM
    ලොකයේ කිසිම දෙයක් ස්තිර නැහැ කියලා මම මුලින්ම කියලා ඉන්නම්.

    මමත් bannercuts කරනවා.මෙ වෙනකල් කිසිම අවුලක් වෙලා නැහැ.ටිකක් හිතන්න අපි පිටරට compny පොසත් කරන එකද කරන්න ඕන.අපේ රටේ මුදල් අපේ රටේ ඉතුරු කරන එකද කියලා.
    අද කාලේ 4500ක් කියන්නෙ පොඩි මුදලක්.(හැමෝටම නෙවෙයි.)ඉතින් 4500ක් නැති උනා කියලා ඒක මහා ලොකුවට හිතන්න ඕනෙ නැහැ නේද.ඒ නිසා 4500ක් ආයොජනය කරලා බලන්න.ඔබට අවුරුද්ද අවසානයේ 12480ක් ලැබිලා තියේවි.මම කියන්නෙ නැහැ ලොකු මුදලක් දාන්න කියලා.මම මුලින්ම කිව්වනෙ කිසි දෙයක් ස්තීර නැහ කියල.


    අනුන් කියන දේ නෙවෙයි.තමන්ම හොයලා බලන්න.
    වෙන කෙනෙක් හම්බ කරලා අපිට දෙන්නෙ නෑ.අපිම මහන්සි වෙලා හම්බකරන්න ඕන.
    ඕනම දෙයක අවදානමක් ගන්න ඕන ඉදිරියට යන්න නම්.
    නැත්තම් අපි ජීවිතයේ එකම තැන ඉන්නකොට හුගක් අය අපිව පහු කරන් ගොඩක් දුර ගිහින් තියේවි

    ReplyDelete
    Replies
    1. Iba hari machan.awadanamk nathuva ba.waradunat karanna deyak na.awadanama gatta miniha thamai goda yanne

      Delete
    2. aye post eka kiyawapan bro 4500 podi thama asawa lokui bro.. eka hemin hadanne mu.. anna edatai ubalata hukala yanne mun.. apith sri lankikayo thama sinhalayata adarei e nisai anun maththe yapennathiwa thamangema deyak karanna kiyann.. ekata grapghic wage paththak hoda hoda youtuber kenek weyan hodata heuwaki nathnam hodata forign market forex gana dannawanma forex karapan hodata 100% awadanamak nathiwa hewwaki. prayogikawa hithala balapan me kathawa aththa naththa

      Delete
  15. කව්ද මේ දෑ හිතකාමියා තමන්ගේ වෙලාව කැප කරලා මිනිස්සුන්ට වෙනුවෙන් මේ වගේ දැනුවත් වීම් කරන ඔයා නියම මිතුරෙක් ආ...ඒත් බොරුවට කාලේ කන්නෙ නැතුව පොඩි පැකේජ් එකක් ඇක්ටිව් කරලා පටන් ගනින්..ඇඩ් මගුලක් ප්‍රොමෝට් කරන්නෙ නෑ බං,සයිට් එකේ වීව්ස් වැඩි කරන්නෙ ..😭😭😭😭😭

    ReplyDelete
  16. බැනර්කට්ස් scam ekak nam mkatada tv eke redio eke add yanne anika eyala mkatada app hadanne...mama dakina widiya bannercuts kiyanne lankawe minisunge arthikaya hadanna hadapu deyak...arthika witharak newe me haraha adyathmika diyunuwath hadanawa mnawa kiuwath oya join wela balanna.....

    ReplyDelete
  17. පව් හු&තො උඹ...හු&%ගෙ පුතෝ තෝ මේක දාලම අවුරුදු එක හමාරක් වෙනවා..තාම බැනර්කට්ස් වැටිලා නෑ..තොගෙ මේ ගොන් ආතල්වලින් වට්ටන්නත් බෑ����������

    ReplyDelete
    Replies
    1. ටියැන්ස්, බෙස්ට් ලයිෆ්, ග්ලෝබල් ලයිෆ් එයාලත් අවුරුදු ගනන් හිටියා

      Delete
    2. දැන් අවුරුදු ගාන ඉවරයි

      Delete
  18. මම අයතනය සමග සම්බන්ද උනෙ 2017 ,මට අද වන තෙක් ගෙවීම් කරනව සතයක්වත් අඩුවක් නතුව,මේ වගෙ බොරුකරයන්ට රැවටිලා ඔබේ දියුණුව නැතිකරගන්න එපා.

    ReplyDelete
  19. Mama bannercuts campay ekka enne 2017 edan kisima problem ekak ne ගෙවීම් karanawa no problem

    ReplyDelete
  20. Ahema baluwama siyaluma lottery walinuth karanne okmane, koty ganak duppath mimissunge salli akatu karala kepadenekuta sochchamak deela anik tika gasakanawa, meke heamatama sali anawa meawenakal

    ReplyDelete
  21. ඉතා වැදගත් ලිපියක්. ලංකාවේ ගොන් වහෙලාව අන්දන්න හරි ලේසියි. මම දන්නවා ඔය බැනර් කට් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. මුන් දැනට හැමෝටම සතයක් අඩු නැතිව ගෙවනවා. හැබැයි දවසක ඔක්කොටම කෙලවලා පනිනවා. මේකට කියන්නේ පොන්සි ස්කෑම් කියලා. දවසක හැමෝම හොටු පෙරාගෙන අඬන් දුවන් එයි, එදාට මහත්තයෝ ප්‍රමාද වැඩියි.

    ReplyDelete
  22. සමහර කමෙන්ට්ස් බලපුවාම පැහැදිලිවම තේරෙනවා මේ ලිපියෙන් බැනර්කටස් කරන හොර ගුබ්බැයාමේ අයිතිකාරයන්ට රිදිලා හොඳටම කියලා. උන් ෆේක් හදන ඇවිල්ලා උන් ගැනම වර්ණනාව

    ReplyDelete
  23. mama nam bannercuts walin hodata hamba karala thiyenawa, ona nam proof dennam

    ReplyDelete
  24. මමත් වසරකට වැඩි කාලයක් එහි සාමාජිකයෙක් වෙමි. මම මගේ මුදල් සහ ලාභය ලබා ගන්නවා. බොහෝ අය විරුද්ධව කතා කරති. එය ඇත්ත නොවේ

    ReplyDelete
  25. ඇත්ත තේරෙන විට සියල්ල සිදු වී අවසන්ය....සක්විති මතක් කරගන්න....

    ReplyDelete
    Replies
    1. sakvithige venasy banner cut ekee venasy poddk hoyala balanna ethakota therevi

      Delete
  26. මේ ලිපියේ තියෙන කථාව ඇත්ත. ඔබට රස්සවක් දීමට යම් කෙනෙක් ඔබෙන් මුදල් අය කරයි නම් එහි ඇත්තේ හොරයක් බව තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. HAmooo sirvatama meka rassvakda nadda kiyalavath danne nathuva me vge kata kiyanavaneee

      Delete
  27. Meka thanikarama wairayen liyapu article ekak.mamath danata banner cuts member kenek.meka patan gaththa da idala me wenakam nam kisima kenekuta gewanne nethiwa idala ne.anith eka meka witharak newei onama investment ekaka risk ekak thiyenawa.eka therum gaththa munissu thamai me wage dewal walata join wenne.

    ReplyDelete
  28. SE kenek kyla pampori gahuwwata marketingwath financewath dannethi ekiyakne meka lyla thynne

    ReplyDelete
  29. මේකයි මෙතන වෙලා තියෙන්නේ. මේ Banner Cuts එක දැනට ගෙවනවා කිසි කෙනෙකුට අඩුවක් නැතුව. ඒකයි මේක කරන අය Banner Cuts මෙච්චර වර්ණනා කරන්නේ. කියමනක් තියනවනේ සිංහලය මෝඩයා කැවුම් කන්න යෝදයා කියල කියමනකුත්. මේ Banner Cuts අය කරන්නේ පොන්සි ස්කෑම් එකක්. ඉංග්‍රීසි තේරෙනවනම් පොඩ්ඩක් ගුගල් කරලා බලන්න. ලිපි සහිත වෙබ්සයිට්ස් සිය දහස් ගණනාවක් එයි. මේ Banner Cuts වංචා කරුවන්ගේ ප්‍රධාන වශයෙන් ග්‍රහණයට නතුකර ගන්න ඉංග්‍රීස් භාෂාවට දුර්වල කොලබින් එපිට අහිංසක දුප්පත් මිනිස්සු. එයාලට අවබෝධයක් නැහැ කොයි වෙලාවේ හරි පොල්ල තියල අතුරුදහන් වෙනවා කියලා. පව් ඉතින් අහිංසක මිනිස්සු. ඔච්චරයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ehenam SLS dunne moktada
      meee company eka dakinne nathuva meva kiyala vadak na

      Delete
  30. getezone.com menna mekath ohomama samagamak okunta hena gahanawa

    ReplyDelete
  31. ගොන් හරක්... යකුනෙ මෙකෙ අවුලක් නෑ
    අවුලක් නම් අවුරුදු 6ක් මේක පවතින්නෙම් නෑ... ආර්ටිකල් එක දපු එකා ඕස්ට්‍රේලියාවේ නේ... තෝ ඔහෙ වැඩක් බලගෙන හිටු තොපි තම ලංකාවෙ ඉන්නෙ නැතුව සුද්දා ට පුක දීල ලන්කාවට කෙලවන්න යන එවුන්...
    කාලකන්නි ...

    ReplyDelete
  32. Siraama Kathawak. Mamath mage yaluwo ooke wade patan gannakota man kare unta meke aththa thathwe pennala deela unwa galawa ganna eka. mamath meke article ekak write karannam kiyala hithala daanna thamai giye. Passe tahamai mama meka dakke. Anyway Man meka copy karanawa oyage name ekath ekkama Is That Okey? mokada meka Watina article ekak handa. Thank you!!!!

    ReplyDelete
    Replies
    1. නොදකින් ගෝත හුතිගපුතා උබ මොකක්ද දන්න ඇත්ත උබ දන්නව රෙද්ද ගෝත හුකන්න

      Delete
  33. Bayla gahana ewwoo peththata welaa balan hitapalla. Api risk eka aragena godayanna try karannam. Mamath loku aayoojanayak karala thiyanawaa meeke. Adatath mata hodata gewanawa. Mahaa buddhimathun ara nona kiyana dewal amaruwen karapallaa.....

    ReplyDelete
  34. Mechchara Horayak, boruwak karanawa nam ey meyalata wiruddawa leagle action ganne nette...? Me rate neethiyak nedda.?

    ReplyDelete
    Replies
    1. me vge hora boru karana nisa venna athi rajaya meyalata SLS sahathike dila thiyenne... horayak venvanam rajaya mevta avasara diala eylage prumithiyak denne nanee...

      Delete
  35. ooya me lipiya liyanakota thathvaya dan venas......
    eeeka nisa dn me company eka gana hoyala balala me lipya venas karanna..

    ReplyDelete
  36. kauruvth kiyna de ahala thirana aran vadak na avilla dakinn compny eka ethaakota thervi meke siyaluma deeeee

    ReplyDelete
  37. මේ post එක දාල තියන අවුරුද්ද බලන්න.මේ ආයතනය ඔය කියන විදිහට වැහිල තියෙන්න ඕනි.ඒත් තාම එහෙම වෙලා නැහැ.ආයතනය ගැන හරියටම හොයල බලන්නෙ නැතුව මෙහෙම post share කරන්න එපා.මීටවඩා මූල්‍ය වංචා වෙන business අපේ රටේ තියෙනව.මේ ආයතනයෙන් හරියටම මුදල් ගෙවනව.ඊටවඩා සමාජයට ලොකු මෙහෙවරක් මේ ආයතනයෙන් වෙනව.ඒක අද කාලෙ ගොඩක් වැදගත්.

    ReplyDelete
  38. මට පෙනෙන විදිහට මෙයා වෙනත් business promote කරල තියෙන්නෙ.(data entry,forex)

    ReplyDelete
  39. මේ මොහොත වෙනකන් මේ බැනර් කට්ස් ආයතනය මිනිස්සුන්ට සතයක් අඩු නැතුව වෙලාවට සල්ලි ගෙවනවා. හැබැයි කෝයි මොහොතේ හෝ මොවුන් අහිංසක මිනිසුන්ගේ රුපියල් බිලියන ගණනක් රැගෙන් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වන බවනම් ගලේ කෙටු අකුරු මෙන් ස්ථිරයි. මේ ලිපිය ලියු ලේඛිකාව වෙත මෙසේ පවසමි. ඔබව විවේචනය කරන උපහාසයට ලක්කරන මේ උදවියම දවසක ඔබේ ගුණ වයමින් වැලපෙමින් ඔබට ඔවුන්ගේ දුක පවසනු ඇත. වැඩක් නැත මිනිසුනේ. අශ්වයා ගියාට පසුව ස්තලය වසා දැමීමෙන් ඇතිවන පල ප්‍රොයෝජනයක් කුමක්ද.

    ReplyDelete
    Replies
    1. පක අරන් යනව උබට හුත්තට කරන්න බැරිනම් පාඩුවෙ ඉදපන් ගෝතය පුක නොදී... කේවාස්ඨක හුකන්න

      Delete
  40. අද 2020/01/09 අදටත් තවමත් පවතිනවා හැබැයි ඔය කියන විදිහට තාමත් මිනිස්සුන්ට මුදල් හරියට ගෙවන , මිනිස්සුන්ගේ මුදල් වලට සාධාරණයක් කරන ආයතනයක් ඉතින් ඔබ මේ පෝස්ට් එක බැලුවොත් මේකේ දාලා තියෙන දේ 2018 ජුනි මාසයේ 06 මේ බ්ලොග් ලිපියේ මේ බ්ලොග් එක bannercuts හොරු කියන එක විතරයි ලියල තියෙන්නෙ තේරෙනවද මේක මඩ ප්‍රහාරයක් ගහන්න ලිව්ව අපි දන්නෙ නෑ නමුත් මේ ආයතනය මුදල් ගෙවන්නේ අපි advertisment බැලුවත් පමණයි ඒ නිසා කැමති කෙනෙක් පොඩි මුදලක් දාලා පටන් අරගෙන වැඩේ කරන්න බලන්න 100 % සීයක් ඔබට ගෙවනවාද නැද්ද කියන එක.මම අද මේ හැම දේ ම දැක්කා ලංකාවේ මිනිස්සු හරි මෝඩයි. හැමදාම කළේ අනුන්ගේ කකුලෙන් ඇදලා වැඩේ නවත්තපු එක ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක් නේද කල්පනා කරල බලන්න 👀
    kamathi kenek repy karanna

    ReplyDelete
    Replies
    1. නෑ, මේක ponzi scheme එකක්. Ponzi scheme අවුරුදු ගානන් තියෙන්නෙ පුළුවන් අලුතෙන් සාමජිකයන් සල්ලි දාන හැටියට. අලුතෙන් සාමජිකයන් නැති උන දාට පරණ අයටත් ගෙවන්න සල්ලි නෑ. Ponzi scheme නිතියෙන් තහනම් කරන්නනනන. Search කරල බලන්න වැඩි විස්තර. සල්ලි print කරන්න පුළුවන් මහ බැංකුවට විතරයි. එතකොට අනිත් ඔනම අායතනයක් ඔනේ සල්ලි උපයන්න. සල්ලි උපයන ක්‍රම දන්නේ නැති උන් තමා මොඩයෝ. දැන් බැනර් කට් එකට අහු උනු ගොඩක් උන් දන්නවා උනගේ ads අැත්ත එව නෙමෙයි කියල. Tv එකේ ad එකක් ගියත් එකේ තියනවා අායතනයක්, බාන්ඩයක්. එච්චර දෙයක් තේරෙන්නේ නැත්නම් උ මිනිහෙක් නෙමෙයි, පිස්සෙක්.

      Delete
  41. මොන හුතිගපුතෙක්ද බන් මේක දාපු පොන්නය.. මේ හුකන්නගෙ කම්පැනි එක නැතිවෙයි කියල බයේ මඩ ගහනව... ඔව් උබේ කම්පැනි එක දැනටමත් ඉවරයිනේ..... මේක දාපු එකා උගේ අම්මගෙත් බඩ උඩ නගින එකෙක් පොන්න හුතිග පුතා..

    ReplyDelete
  42. දැනට මෙයාල මුදල් ගෙවන නිසා මේ හොර ගුබ්බෑයාම නුගත් මිනිසුන්ට පෙනේනේ දෙවියෙක් වගේ. නමුත් පුතා මෙය Ponzi scheme බව අමතක නොකරන්න. ප්‍රැක්ටිකලි යොදවන්න බැරි කන්සෙප්ට් එකක් මේක. එහෙමනම් මේ වගේ ඒවා පටන් ගන්න ඕනේ ඉස්සලම ගුගල් ෆේස්බුක් වගේ ආයතන. අපේ මිනිස්සු පව් . නුගත් කමේ ප්‍රතිවිපාක මේවා. කාලයක් සක්විති , දඬුවම් මුදලාලිලා වගේ හොරුන්ට අහු උනා. දැන් බැනර් කට්ස් .

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. https://www.youtube.com/watch?v=yQig30uyEUw

    ReplyDelete
  45. Replies
    1. No, because banks earn money through lending, investment banks earn through both lending and trading. Even Sakwithi's bank also done first by trading. But once he can't give high return, then he did a Ponzi scheme.

      Delete
  46. amazon lanka eken dapu post ekak

    ReplyDelete
  47. Mama aurudu 3k karanwa dan..me amulika boruwak..mama maseta amathara 40000k hoyanwa

    ReplyDelete
    Replies
    1. danut ubalata salli hamba wenawada. Ada iye salli dala amaruwe watuna unta monawada kiyanna tiyenne

      Delete
  48. This comment has been removed by the author.

    ReplyDelete
  49. This comment has been removed by the author.

    ReplyDelete
  50. Yes This Is Scammer! I have purchased near 5000 pack and only they paid 6 time now they never paying! I will make a complaint to president section!
    Please do not buy any packages with https://bannercuts.com

    They positing fake advertising!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් ඉතින් උන්ගේ උබට ඇට දෙක තමයි අල්ලන්න වෙන්නේ. මෙලහකටත් මැක්සිකෝ වගේ රටකට පැනලා ඇති.

      Delete
  51. ආ යාලුවනේ . දැන් සැපද .බැනර් කට්ස් නේ. පොල්ල නේ. දැන් බඩු හරි නේද . දැන් දාපු සල්ලිත් නැහැ ප්රෝෆිට් එකත් නැහැ. දැන්නම් පුතේ බැනර් කට්ස් එකේ ඇට දෙක තමයි අල්ලන්න වෙන්නේ. මම හිතන්නේ මේක තමයි ලංකාවේ වෙච්ච දරුණුම මුල්‍ය වංචාව.

    ReplyDelete
  52. අන්න බැනර් කට්ස් පොල්ල සෙට් වෙන්න යන්නේ මිනිස්සුන්ට . පව් ලංකාවේ දුෂ්කර පළාත්වල මිනිස්සු මුන්ට අහුවුණා. ඕක පටන්ගත්ත කාලේ පොල්ල සෙට් වෙන හැටි කිව්වම රෙදි උස්සන් ආපු ඈයො දැන් නාහෙන් අඬනවා දැක්කම පුදුම කුප්ප සතුටක් දැනෙන්නෙ. පෞ මොනවා උනත්

    ReplyDelete
  53. කෝ මේකේ රෙදි උස්සන් ඇවිත් නොදන්නා ඇලෙක්සා රෑන්ක්ස් ගැන බයිලා කියවපු සෙට් එක. පව් ඔයි මිනිස්සු. හිකිස්.

    ReplyDelete
  54. Manusayege business ekak watenawa balala labans kala kanni sathutak .kuhaka jatiya

    ReplyDelete
  55. This comment has been removed by the author.

    ReplyDelete
  56. "මේ වන විට මා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ලෙස මෙල්බර්න් නුවර වාසය කරන්නෙමි." paw ithin neda. ochchcarama lankawe minissunta adareinan lankawata awith sewayak karaianan hodai neda.

    ReplyDelete
  57. ඔබත් බැනර් කට්ස් ගොදුරක්ද. එන්න මේ ගෘප් එකට ජොයින් වෙන්න. අපි සටන් කරමු. අපේ මුදල් ආරක්ෂා කරගමු. https://www.facebook.com/groups/bannercuts/

    ReplyDelete
  58. apita nam kisima aulak na... anika company ekak vat registration wenna ba ehema awata giyata.. company registration kiyanne ekak, vat registration kiyanne thava ekak.. minissu rawattan epa mewa dala

    ReplyDelete
  59. charter wada karanna epa bn.. bannercuts wala kisima boruwak na.. kisima wanchawakuth na...

    ReplyDelete
  60. බැනර්කට් එක දැන් paiment කරන්නේ නැති කොටත් අපේ හරක් තාම කඩේ යනවා. දුක හිතෙනවා ඕයි.

    ReplyDelete
  61. කෝ එන්න බලන්න මේ ලිපියට බැනපු අයියලා ටිකට උම්මා එකක් දෙන්න. දැන් කෝමද . ආතල්ද , සැපද

    ReplyDelete

Bannercuts හොරු

ලංකාවේ තියන Bannercuts ඇඩ්ස් වංචාවට අහු වෙමුද ? වෙනද වගේ අද උදෙත් ඇහැරිලා දවසේ වැඩ පටන් ගන්න කලින් ෆෙස්බුකියට ලොග් උනා. එතකොට ...